යතුරු පැදියක් පදිකයෙකුගේ ගැටී අනතුරක්

Share

අද (27) උදෑසන තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට ලයිම හන්දිය ප්‍රදේශයේ යතුරු පැදියක් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදු වී අැත.

මෙම අනතුරින් එ් දෙදෙනාම බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අම්බලන්තොට මැඩිල්ල ප්‍රදේශයේ පදිංචි යතුරු පැදිකරු හා මාර්ගය හරහා ගමන් කරමින් සිටි කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වේ.

අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Read more

Local News