බහුතරය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැකෝ කියයි

Share

බහුතර මතය කිසි විටක ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් බහුතරයේ මතය සුළුතරයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම සෑබෑ ප්‍රජාතන්ත්‍රවාදය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“බහුතරයේ මතය ක්‍රියාත්මක කිරිම කිසිකලෙක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.

යාපනයේදී බහුතරය දෙමළ කථා කරන නිසා එහිදී සිංහල කථා කරන අයට අගතියක් වෙන්නත් බෑ. ඒ වගේම හම්බන්තොටදී බහුතරය සිංහල නිසා එහිදී දෙමළ කතා කරන අයට අගතියක් වෙන්න දෙන්නත් බෑ.

අපි ඔක්කොම අත්උස්සලා ඡන්ද බලය වෙනුවෙන් පෙනී සිටිනවා. එතනදී විතරයි සියලුම දෙනාට එකට එකතුවෙන්න පුළුවන්”

Read more

Local News