අපි පාර්ලිමේන්තු යන්නේ ආණ්ඩු පක්‍ෂයේ රැස්වීමට විතරයි

Share

කරු ජයසූරියට මහතා අයුක්තියට වැඩ කරන බැවින් ජම්පරය මතක්වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (29)පැවැසීය.

කථානායකවරයා යුක්තිය, සාධාරණය අනුව කටයුතු කළහොත් ජම්පරය ඇදීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මන්ත්‍රිවරයා සදහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අබේවර්ධන මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් “යුක්තිය ඉටුකර ජම්පරය වුනත් අඳින්න තමන් සූදානම් බව කථානායකවරයා කියා තිබුණා. යුක්තිය, සාධාරණය ඉටුකරනවානම් මොකටද ජම්පර අඳින්නේ. අයුක්තියට වැඩකරන නිසා කතානායකවරයාට ජම්පරය මතක් වෙනවා ඇති. කවදාවත් පාර්ලිමේන්තුවට හිස් න්‍යායපත‍්‍රයක් ආවේ නැහැ. නමුත් පසුගිය 14 වැනිදා සිට අද දක්වාම පාර්ලිමේන්තුව රැස්වෙන්නේ න්‍යායපත‍්‍රයක් නැතුවයි. නියමාකාරයෙන් පාර්ලිමේන්තු න්‍යායපත‍්‍රයක් සකස් කරනතුරු අපි පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවෙන් කන්නෙත් නැහැ.

ඒ බව අපි පාර්ලිමේන්තු භෝජනාගාරයටත් දැනුම් දුන්නා. අපි පාර්ලිමේන්තුවට යන්නේ ආණ්ඩු පක්‍ෂයේ රැස්වීමට විතරයි. දැන් වෙන්නේ විපක්‍ෂයම යෝජනා ගෙනල්ලා ඒ අයම සම්මත කර ගන්නවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න පෙර යෝජනාව මොකද්ද කියලා පක්‍ෂ නායකයන්ට කියන්න  ඕන. ඊට පස්සේ විවාදයට දින නියම කරලා න්‍යායපත‍්‍රයට ඇතුළත් කරනවා. න්‍යායපත‍්‍රයක් හදලා නියමානුකූලව වැඩ පටන්ගන්නවනම් හෙට වුනත් පාර්ලිමේන්තු යන්න අපි සූදානම්.

විධායකය විසින් ගත් තීරණ ව්‍යවස්ථාදායකය විසින් අනුමත නොකිරීම නිසා අද විශාල අර්බුධයක් ඇතිවෙලා තිබෙනවා. විධායකය හා ව්‍යවස්ථාදායකය සාකච්ඡාකරලා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගතයුතුයි. මේ අස්ථාවර බව විසඳීම සඳහා කථානායකවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කළ යුතුයි. එහෙම සාකච්ඡාවක් නොපවත්වනතාක් කල් මේ අර්බුධය පවතිනවා. පාර්ලිමේන්තුව අස්ථාවරකිරීමේ වගකීම කතානායකවරයා විසින් භාරගත යුතුමයි.සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව රැස්වන දින ගණනක් තිබෙනවා. කතානායකවරයා දිගටම පාර්ලිමේන්තුව කැඳවනවා.” යැයි පැවසීය.

Read more

Local News