ඇමැතිවරුන්ගේ වියදම් කපන යෝජනාව ඉදිරිපත් කරයි

Share

ජනරජයේ මුදල්වලින් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ කාර්ය මණ්ඩල වෙනුවෙනුත් කිසිදු මුදලක් ගෙවීමට අමාත්‍යංශ ලේකම්වරුට නොහැකි බව දැක්වෙන යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළේය.

පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉස්තිර කළේය.

මෙම යෝජනාව භාර දී ඇත්තේ රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේසන් සහ ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් විසිනි.

විශ්වාස භංග යෝජනාවක් සම්මත වී ඇති හෙයින් අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති බව කතානායකවරයා ප්‍රකාශයට පත් කර තිබෙන නිසා සහ මූල්‍ය බලතල පාර්ලිමේන්තුව සතු හෙයින් මෙම යෝජනාව සම්මත කර ගන්නා බව ද සඳහන්වේ.

Read more

Local News