Tuesday, March 19, 2024.

මැති ඇමතිවරුන්ගේ වියදම් කපන යෝජනාව සම්මත වෙයි

Share

ජන රජයේ අරමුදල් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ වියදම් සඳහා භාවිත කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 122 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ආණ්ඩු පක්ෂය අද(30) දිනයේත් සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

එම යෝජනාව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සභාවට ඉදිරිපත් කළේය.

Read more

Local News