පොහොර හිඟයකින් තොරව ලබාදීමට මහින්දගෙන් උපදෙස්

Share

2018 / 2019 මහ කන්නය මේ වනවිට ආරම්භ වී ඇති අතර කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 08ක් ඉක්මවූ කුඹුරු ප්‍රමාණයක් මෙවර වී වගාව සඳහා අස්වැද්දීමේ කටයුතු මේ වනවිට අරඹා ඇත.

මෙවර මහ කන්නයේ පොහොර සහනාධාරය යටතේ ලබාදෙන සියලු පොහොර හිඟයකින් තොරව ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගත් දැනට පොහොර අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ(29) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දැනට අවශ්‍ය කරන සියලුම පොහොර වර්ග ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම සතුව පවතින අතර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ඉල්ලීම පරිදි අවශ්‍ය තරම් පොහොර තොග බෙදා හැර ඇතැයි පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මේ දිනවල අධික වර්ෂාවක් බොහෝ ප්‍රදේශවලට ලැබෙන බැවින් ඇතැම් ගොවීන්ට නැවත නැවතත් කුඹුරු අස්වැද්දීමට සිදුව තිබෙන නිසා එම ගොවීන්ට ද අපහසුවකින් තොරව පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, කිසිදු හිඟයකින් තොරව පොහොර බෙදා හැරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලෙධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රගති සමාලෝචනය පැවැති අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Read more

Local News