මස්කෙලිය රෝහලේ දේපල වලට අලාභ හානි

Share

ත්‍රිරෝද රථයකින් මස්කෙලිය රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහලේ ඉදිරිපස ජනේල්වල විදුරුවලට පහර දි අලාභ හානි සිදු කර පලා ගිය බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍යය නිලධාරි කේ.ලියදපිටිය මහතා පැවසිය.

අද(30) පස්වරු 3.45 ට පමණ රෝහලට පැමිණි ඒ පුද්ගලයා රෝහ‍ලේ ඉදිරිපස ජනේලයේ විදුරු හතරක් අතින් පහර දි කඩා අලාභ හානි සිදු කර එම සැකකරු තුවාල සහිතව ත්‍රිරෝද රථයෙන්ම පලා ගිය බවයි දිස්ත්‍රික් වෛද්‍යවරයා කියා සිටියේ.

සැකකරු පැමිණි ත්‍රිරෝද රථ අංකය මස්කෙලිය පොලිසිය වෙත භාර දි පැමිණිල්ලක්ද සිදු කල බවත්, මෙම පහර දිමට හේතුව තමන් නොදන්නා බවයි මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ අදාල සැකකරුව ත්‍රිරෝද රථය සමග අද(30) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News