ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් උල්ලංඝනය වෙන හැටි මැකෝ කියයි

Share

නිසි කලට මැතිවරණ නොපැවැත්වීම ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

අද (30) රත්නපුර ප්‍රදේශයේ පැවති මැතිවරණ නීති පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පවත්නා තත්ත්වය පිළිබඳ යම් ආකාරය කලකිරීමක් ඇති බව බොහෝ චිත්‍ර මඟින් පෙනී යන බවත්, ඉදිරියේ දී ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට ඡන්දය දැමීමේ යන්ත්‍රයක් භාවිතා කරන්න ඒයට අවශ්‍ය නීති සැකසීම අවශ්‍ය බවද ඒ මහතා පැවසීය.

සියල්ලට වඩා ජනතාවගේ අයිතිය පිළිබඳ දක්වන උනන්දුව වැදගත් කාරණයක් වන බව ද කියා සිටියේය.

Read more

Local News