නලින්ද එස්.බී.ගේ දුරකථන ඇමතුම් ගැන හෙළි කරයි

Share

එස්. බී. දිසානායක මහතා විසින් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට පමණක් නොව තවත් මන්ත්‍රීවරු 123කු හට එලෙස දුරකථන ඇමතුම් ලබාදී ඇති බව පා.ම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ “වත්මන් දේශපාලනය අර්බුදය සහ ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව”  මැයෙන්  ඊයේ මහනුවර සුව මැදුර ශාලාවේදී පැවති ජනහමුවකදීය.

මන්ත්‍රිවරයා එහිදි වැඩ්දුරටත් අදහස් දක්වමින් “පක්ෂ මාරු කිරීම සඳහා මුදල් ලබාදී ආරාධනා කිරීමේ  සිද්ධියක් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා දිගින් දිගටම හෙළි කළත් ඔහුගේ වෙනත් තොරතුරු රැසක් හෙළි කරන බවට පොදු ජන පෙරමුණ කළ නිවේදනයකින් පසු වහාම පාලිත රංගේ බණ්ඩාර නිහඩවූ බව පැවසීය.

එමෙන්ම පක්ෂ මාරු කිරීම සඳහා ආරාධනා ලැබ  මූලික අත්තිකාරම් ලැබුණු ඇතැම් මන්ත්‍රීවරු මුදල් ගණන්  කිරීම සඳහා යන්ත්‍ර පවා අරගෙන සිටි  බවත් එවන් විශාල මුදල් කොළ ප්‍රමාණයක් මුදල් අතින් ගණන් කරන්නට පැය කිහිපයක් ගතවන බැවින් සමහර මන්ත්‍රීවරුන් මුදල් ගණන් කිරීමට මෙන්ම ලැබෙන මුදල් ව්‍යාජ නොවන මුදල් දැයි දැනගැනීම සඳහා ක්‍රමවේද සකස් කර තිබුණ බවද එහිදි සදහන් කළේය.

රුපියල් කෝටි 50ට විකුණුනු ඇතැම් මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 20 ක අත්තිකාරම් මුදලක් පමණක් ලබාදී ඉතිරි මුදල හිමිවෙන  අමාත්‍යධුරය ඔස්සේ උපයා ගන්නා ලෙසද උපදෙස් ලැබී ඇති බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කිය..

වසන්ත සේනානායක පක්ෂ මාරු කරන ආකාරයට ඔහු දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායකගේ මුණුබුරු  නොව ඩී.එස්.සේනානායකයන්ගේ අශ්වයාගේ මුණුබුරා විය යුතු බවද  නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන ලද කුමන්ත්‍රණයක් වශයෙන් හැදින්විය හැකි බවත් කි ඒ මහතා  මේක හමුදා කුමන්ත්‍රණයක් නොවන්නේ නිල ඇඳුම් ඇඳගත් හමුදා භටයන් නොමැති නිසා බවත් එසේ නොමැතිනම් මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් බවද මන්ත්‍රිවරයා එහිදි පැවසීය.

Read more

Local News