ඝාතනය වූ සැරයන්ගේ දරුපවුලට ජනපති පිළිසරණ 

Share

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ පවුලේ සාමාජිකයන්ට පිළිසරණ විීමට ජනාධිපතිවරයා විධිවිධාන සැලසීමට පියවර ගෙන ඇත.

සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු විය.

මෙහිදී පිරිස සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා සැරයන්වරයාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කර ඇත.

සැරයන්වරයාගේ වයස අවුරුදු හතරහමාරක් වයසැති කුඩා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දැක්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රමශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

Read more

Local News