ෆොන්සේකා එජාපය හා TNA අතර ඇති එකඟතාව ගැන කියයි

Share

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධාන අතර ලිඛිත ගිවිසුමක් නොමැති බවත් දෙපාර්ශවය අතර විශ්වාසය මත ප්‍රතිපත්තිමය එකඟතාවක් පමණක් පවතින බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසිය.

සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු කළ ප්‍රකාශයක දෙපාර්ශවය අතර එකඟ වූ කරුණු පිළිබඳවද පැහැදිලි කිරිමක් කර තිබේ.

“දෙමල ජාතික සන්ධානය සමග සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ අගමැති වරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව සම්මත කරගැනීමට පැවති සාකච්ඡා සදහා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකාද මැදිහත් වූ අතර එහිදී පහත එකගතාවයන්ට දෙපාර්ශවයම කැමැත්ත පල කරන ලදී.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම.

දැනට පවතින පරිදිම බුද්දාගමට ප්‍රමුඛත්වය ලබා දීම.

උතුරෙ සංවර්ධන කටයුතුවලට දෙමල සන්ධාන මන්ත්‍රීවරු සහභාගි කරගැනීම.

මේ සදහා කිසිදු ලිඛිත ගිවිසුමකට එලැබී නොමැති අතර විශ්වාසය මත ප්‍රතිපත්තිමය එකගතාවයක් පමනක් පවතී.

ඒ අනුව සමාජ ජාලා වල සංසරනය වන බොරු ව්‍යාජ ලියවිලි, රනිල් සම්බන්ධන් ගිවිසුම් හෝ අලි කොටි ගිවිසුම් වල කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කරමි.” ලෙස සදහන් කර තිබේ.

Read more

Local News