චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙසට ෂී ජින් පිං මහතා තේරි පත් වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසිය අද (25) බෙයිජිංහිදී නිමාවට පත්විය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසිය ඡන්ද විමසීමෙන් Xi Jinping, Li Keqiang, Li Zhanshu, WangYang, Wang Huning, ZhaoLeji සහ HanZheng චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් ලෙසට තේරීපත් වූහ.
මීට අමතරව, මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනාවට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ සාමාජිකයන් සම්මත කෙරුණු අතර මධ්‍යම කාරක සභාවේ යුධ කමිටුවේ සාමාජිකයන්ද තීරණය කෙරිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ පළමුවැනි පූර්ණ සැසියේදී ජන්ද විමසීමෙන් තේරි පත් වූ ලේකම්වරයා, උපලේකම්වරයා සහ ස්ථාවර සාමාජිකයෝද අද පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසියේදී සම්මත කර තිබේ.




