විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලා අස්වේ

Share

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් විදේශ කටයුතු අමාත්‍යදුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය. පක්ෂයට ආදාරය කරන සියලු සියලු දෙනා වෙනුවෙන් තනතුර කැප කරන්නේ. රජයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් තනතුර කැප කරන්නේ. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ පවුලේ අයට පහර ගහනවා. මම ගත් තීරණය ගැන ආඩම්බර වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මා සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති පළ කළා. විශ්වාස භංගයක් මට විරුද්ධව බාර දුන්නා.වගකිව යුතු ඇමැතිවරයෙක් ලෙස මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම කරනවා. පදිංචි නිවස ඖත් වැඩියා කරන නිසා වෙනත් නිවසක් සේව්වා. මට නිල නිවසක් තිබුණේ නෑ.අපේ පවුලේ සමාගමක් විසින් නිවස ලබාගත්තා. සියලු ගෙවීම් ගිණුම් ගත වී තිබෙනවා. සැගවීමට කිසිවක් නෑ. මම දේශපාලනයට පිවිසුණේ ලලිත් ඇතුළත්මුදලි මහතා සමඟ එතුමාටත් චෝදනා කළා. එතුමා ඇසුර නිසා සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණා. දේශපාලනයෙන් මුදල් හම්බ කර නෑ. බත්තරමුල්ල නිවසට ඇවිත් තිබෙනවා. මගේ වත්කම් ගැන දන්නවා. නීතිවිරෝධි මුදල් හම්බ කර නෑ.ඉස්සර ඇමැතිවරයෙක් තියා ගෑවුන කෙනෙක්වත් කොමිෂමකට ඇවිත් නෑ.අපි එහෙම නොවේ යුක්තියට හිස නවනවා. බැදුම් කරයට සාක්ෂි දෙමින් පෙන්වූයේ නව දේශපාලන සංස්කෘතියයි.බැදුම්කර කොමිෂමේ දී මගෙන් ප්‍රශ්න ක්ළ ආකාට්‍රය ගැන විනිසුරන් මැදිහත් වුණා. අපක්ෂපාති ලෙස කටයුතු කර සත්‍ය සොයාගන්නා බව විශ්වාසයි.

ඇමැතිවරුන්ගේ ආවේගශීලි ලෙස ප්‍රශ්න කරන්න අද නිදහසක් තිබෙනවා. පිටු 8803ක් කෙටි කාලයකින් විමර්ශනය කරන්නට හැකි වුණා. එය යහපත් ලක්ෂණයක්. යහපාලනය රජය පනත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්න. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරික්ෂා කර තිබෙන පයිල් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කඩිනම් පරීක්ෂණ කරන්න. මට බොරු චෝදනා කළා. විදේශ විනිමය චෝදනාවෙන් මාව නිදහස් වුණා.ඒ කාලයේ දේශපාලනය වචයෙන් පළි ගත් අය දැන් චරිත ඝාතනය කළා.මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මගේ කාර්යභාරය ඉටු කළා. පක්ෂයේ නායකතුමා ආරක්ෂා කළා.එතැනදි මගේ පෞද්ගලීකත්වය නොව පක්ෂය ගැන හා රට ගැන හිතනවා.ජනාධිපතිවරණයට හංසයා ලාංඡනය දුන්නේ මමයි.ආමාත්‍යධූරය භාවිතා කළේ ජනතා සේවයට රට වෙනුවෙන් සේවය කරන්නයි. මම තනතුරු භාවිතා කළේ බලය භුක්ති විදීමට නොවේ. සදාකාලිකවන්නේ කළ සේවයයි.අවංක කමයි. බලය ලබාගැනීමට ඕනෑම බාලවැඩක් කරනවා. ජනවාරි 08 විප්ලවයක් කළා. මට එල්ල වූ චෝදාවලට කිසිම පදනමක් නෑ.මම සැලැන්නේ නෑ.මෙවැනි අභෝගවලට මුහුණදීමට ශක්තිය තිබෙනවා. යහපාලන රජය අස්ථාවර කරන්න කුමන්ත්‍රණයක යෙදෙන බව පේනවා.

ජනතාව ප්‍රතික්ෂේප කළ අය,අපරාධ කළ අය මේ පිටුපස සිටිනවා. යළි බලය ලබාගැනීමට උත්සහ කරනවා. කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්ෂය,යහපාලන රජය බිද දමන්න ඉඩ දෙන්නේ නැහැ.මුළු රටට් ආදර්ශයක් දෙමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනවා ඉතිහාසය මට හිමිතැන ලබාදෙවී.තනතුරට කැප කරන්නේ පක්ෂයට ආදාරය කරන සියලු සියලු දෙනා වෙනුවෙන් තනතුර කැප කරන්නේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඒ ගැන මම සතුටු වෙනවා.

Read more

Local News