ආපදාවට පත්වූවන්ට කඩිනමි සහන දෙන්න – ජනපති

Share

ගංවතුරෙන් විපතට පත් වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වලට උපදෙස් දි තිබේ.

ගංවතුර තර්ජනය පහව යන තෙක් එම ප්‍රදේශ වල වැසියන් සියලූ දෙනා වෙත අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශ වලට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩි දුරටත් උපදෙස් දී තිබේ.

උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට ද කටයුතු කර තිබේ.

ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්ක වල වැසියන් විපතට පත්ව පීඩා විදින අතර එම දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක ආරක්ෂක කඳවුරු 40ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුමි කටයුතු යොදා තිබේ.

Read more

Local News