හදිසි අනතුරු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්

Share

රිය අනතුරු, රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාවිතය හේතුවෙන් සිදුවන අනතුරු සෑම වසරකම දෙසැම්බර් 31 වන දින බහුල වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම බීමත්ව කෝලහාල කිරීම හේතුවෙන් සිදුවන අනතුරු ද වැඩි වශයෙන් වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේ බීමතින් රිය පැදවීම, මාර්ග නීති නොතකා රිය ධාවනය, අපරික්ෂාකාරී ගිනිකෙළි භාවිතය සහ වැඩිහිටියන්ගේ අනුදැනුම නොමැතිව දරුවන් ගිනිකෙළි දැල්වීම අනතුරුවලට ප්‍රධාන හේතු බවයි.

හදිසි අනතුරු හේතුවෙන් දිනකට සෑම පැයකට වරක්ම එක් පුද්ගලයෙකුගේ ජීවිතයක් අහිමි වන බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

එමෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව සෑම වසරකම දල වශයෙන් දස දහසක පමණ වන පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව ඔහු පෙන්වාදෙයි.

Read more

Local News