බැංකුව ගිනිගත්තත් සල්ලිටික බේරා ගනී

Share

අද(31) උදෑසන ධර්මපුරම්හි රාජ්‍ය බැංකුවක හදිසි ගින්නක් පැන නැගී ඇත.

ධර්මපුරම් පොලීසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව ගින්න මැඩපවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිතහානි තුවාල ලැබීම් කිසිවක් සිදු වී නොමැති අතර බැංකුවේ මුදල්වලටද කිසිදු හානියක් සිදු වී නොමැති බව පොලිසිය කියයි.

බැංකුව තුළ වු පරිගණක යන්ත්‍ර 2 ක්, වායුසමීකරණ යන්ත්‍ර 3 ක් හා ගෘහ උපකරණ කීපයකට ගින්නෙන් හානි සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News