ගංවතුරෙන් හානියට පත් කුඹුරු සඳහා වන්දි

Share

මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්වය නිසා හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට කෘෂීකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

එ් අනුව උතුරු ප්‍රදේශයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම් මේ වන විට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යායංශය පවසයි.

වී සහ අනෙකුත් වගාවන් සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වලින් අනතුරුව කෘෂි රක්ෂණාවරණය යටතේ වන්දි ලබාදෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව හානි වී ඇති වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 40,000 බැගින් වන්දි ලබාදීමට නියමිතයි.

එළඹෙන කන්නය සඳහා බීජ මිල දී ගැනීමේදී සියයට 50ක සහනාධාරයක් ලබාදීමට ද සැළසුම් කර ඇත.

Read more

Local News