බුද්ධ ප‍්‍රතිමාවලට හානි කල අය 16දා දක්වා රිමාන්ඩ්

Share

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද(02) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර තිබේ.

බුදු පිළිමවලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුලූ බුද්ධි අංශ වල කටයුතු මෙ වන විට සිදු වෙමින් පවති.

මෙලෙස අත්අඩංගුවට ගැනිමට නියමිත සැකකරුවන් මෙහි ප්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි වන අතර මුස්ලිම් ජාතිකයන් වන බව අනාවරණය වී ඇත.

Read more

Local News