බ්‍රිතාන්‍යයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති උෂ්ණ කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය පුරාද පවතිනු ඇති අතර, ඇතැම් ප්‍රදේශවල මාසයකට ආසන්න කාලයක් සැලකිය යුතු වර්ෂාවක් නැති තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
Surrey ප්‍රාන්තයේ Wisley ප්‍රදේශයට අඛණ්ඩව දින 26ක් තිස්සේ සැලකිය යුතු වර්ෂාවක් ලැබී නොමැති බව වාර්තා වේ. වේල්සය සහ උතුරු අයර්ලන්තයේද වර්ෂාපතනය සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩුය.
පවතින වියළි කාලගුණය හේතුවෙන් එංගලන්තයේ මිලියන 8කට අධික නිවාසවල ජල නළ භාවිතය සීමා කරන නියෝග පවතින අතර, ලැව්ගිනි ඇතිවීමේ අවදානමද තවදුරටත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිටත් Greater Manchester සහ Conwy ඇතුළු ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි වාර්තා වී තිබේ



