මුතුරාජවෙල රක්ෂිතයේ ගින්නක්

Share

මුතුරාජවෙල රක්ෂිතයේ පට්ටිවෙල කොටසේ ඊයේ(01) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන අැති බවට වාර්තා වෙයි.

මෙම ගින්න හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර 200ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගින්න තවමත් පැතිරෙන බවටයි වාර්තා වන්නේ.

ගින්න මේ වන විට රක්ෂිතයට යාබදව ඇති පුබුදුගම ගම්මානයට පැතිර යාම වැළක්වීම සඳහා ගුවන් හමුදාව හා යුද හමුදාව හා පොලීසිය එක්ව මෙහෙයුමක් දියත් කරන බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News