2019 අයවැය ලබන මස පාර්ලිමේන්තුවට

Share

2019 ජාතික අයවැය අවසන් ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 04 වන දින සිදු කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

2019 විසර්ජන පනත අනුමැතිය සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එය ලබන පෙබරවාරි මස 5 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තා වෙයි.

එ් අනුව අයවැය දෙවන වර කියවීම මාර්තු මස 05 වන දින සිදුකරන අතර තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13වන දින සිදු කිරීමට නියමිතයි.

Read more

Local News