වැල්ලවාය වවුල්ගල රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දෙණිය වවුල්ගල කඳු රක්ෂිතයේ අද(7) දහවල් විශාල ගින්නක් හටගෙන තිබේ.

එම ගින්න පැය කිහිපයක් යන විට රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර ගින්න නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර විස්සකට වඩා විනාශ වී තිබේ.

ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම නිසා මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ දැනුම් දීමකට අනුව කුඹුක්කන එකසිය විසි එක් වන බල සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිසක් ගින්න මැඩලීම සඳහා යොදවන බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පවසා සිටියේය.

පවතින දැඩි වියලි කාලගුණය නිසා ගින්න රක්ෂිතය පුරා වේගයෙන් පැතිර යමින් පවතී.

Read more

Local News