මෛත්‍රී හා චන්ද්‍රිකා මුහුණට මුහුණ හමුවූ අයුරු මෙන්න

Share

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවිය.

ඒ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුවේදීය.

කොළඹ ගාලුමුවදොර පිටියේ පවතින බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදී මෙම උත්සවය  පැවැත්වු අතර මෙහිදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.

ඔහු වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවෙයි. මෙම අවස්ථාවට බණ්ඩාරනායක මහතාගේ දියණියක් වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ උදවියද එක්ව සිටියහ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අදහස් හුවමාරුවක් සිදුනොවු අතර පිළිරුවට පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව ජනපතිවරයා එම ස්ථානයෙන් නික්ම ගියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතර දිගු සංවාදයක් පවත්වන අයුරු දක්නට ලැබුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිවුවැනි පදවි ප්‍රාප්තියිද අදට යෙදී තිබේ.

Read more

Local News