සේනා නිසා දිස්ත්‍රික්ක 7ක බෝග වගාවන්ට හානි

Share

බෝග වගාවලට බරපතළ තර්ජනයක් වී ඇති සේනා දළඹු වසංගතය මේ වන විට මඩකලපුව හා කෑගල්ල දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත වී අැති අතර සේනා දළඹුවාගේ තර්ජනයට ලක්ව ඇති දිස්ත්‍රික්ක ගණන 7කි.

බඩඉරිඟු, උක්, වී, එළවළු, පලතුරු ඇතුළු බෝග වර්ග 100කට අධික ප්‍රමාණයක පත්‍ර වලට හා බීජවලට සේනා දළඹුවන්ට හානි කරයි.

අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලටද ව්‍යාප්තවී ඇති සේනා දළඹුවන් මේවන විටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 1185 ක බඩ ඉරිඟු වගාව විනාශ කර තිබේ.

දිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම කන්නයේදි අක්කර 2240 ක් බඩඉරිඟු වගා කළ ද වැඩි ප්‍රමාණයක් සේනා දළඹුවන් විසින් විනාශ කර ඇති බවයි.

Read more

Local News