රජරට විශ්වවිද්‍යාලය 16 වනදා සිට යළි විවෘත වෙයි

Share

වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය ලබන 16 වනදා සිට අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව දැනට වසා දමා ඇති මිහින්තලේ පරිශ්‍රයේ සියලු පීඨ අධ්‍යයන කටයුතු සඳහා යළි වීවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ, එමෙන්ම නේවාසික පහසුකම් ලබාදී ඇති සියලු සිසුන් ලබන 15 වනදා පස්වරු 04.00 පෙර අදාල නේවාසිකාගාර සඳහා වාර්තා කළ යුතු බවයි.

 

Read more

Local News