එජාපය ඉදිරියට යා යුතු බව ෆොන්සේකා කියයි

Share

වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යායුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මහර එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්විමට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඇමති මණ්ඩලයක් සහ අගමැති ධුරය හමු වුවත් තවමත් නිසි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ලැබි නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

වර්තමානයේ අගමැති සහ ඇති මණ්ඩලය සිටින්නේ වතුර නටනකන් හැලියේ සිටින කකුළුවන් ලෙස මෙන් බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ආණ්ඩු බලය ලබා ගනිමින් කටයුතු කළ අවුරුදු තුනහාමාරක කාලය තුල තම පක්ෂයෙන්ද වැරදි සිදු වු බවත් ජනතාවගේ අරමුණු ඉටු නොවු බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එමෙන්ම වැදිර නිවැරදි කර නොගත්තොතින් දැනට පවතින බලයද නිෂ්චිත නොවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදි  පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා ද අඳහස් පල කළේය.

පවතින ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබුණද නව ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීමට තුනේන් දෙකේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි නම් එය අතහැර දැමිය යුතු බවද මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා පවසයි.

Read more

Local News