අපරාධ ඉහළ ගොස් ඇති බව පොලිස්පති කියයි

Share

මත්ද්‍රව්‍ය භාවිතය නිසා භාවිතය රට තුළ අපරාධ සිදු වීම ඉහළ ගොස් ඇති බව පොලිස්පති ජූජිත ජයසුන්දර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ  පැවති ජන හමුවක් අමතමිනි.

පසුගිය දින කිහිපය තුල සිදු වු අපරාධ සියල්ලටම හේතු වි ඇත්තේ මත්ද්‍රව්‍ය ව්‍යසනය බවද පොලිස්පතිවරයා එහිදි පැවසීය.

2018 වසරේ පමණක් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 737කට වැඩි ප්‍රමාණයක්ද ,ගංජා කිලෝ ග්‍රෑම් 40, 000කට වැඩි ප්‍රමාණයක්ද, කොකෙන් කිලෝ ග්‍රෑම් 1,000කට වැඩි ප්‍රමාණයක් සහ හශිෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13කට වැඩි ප්‍රමාණයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

රට තුල පවතින සංකෘතිය ආගම දහව විනාශ වන්නේද මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනය නිසා බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News