උතුරේ පොලිස් නිලධාරින්ගේ ස්ථානමාරුවීම් අවලංගු කරයි

Share

ස්ථානමාරු වීම් ලබා දී තිබූ උතුරු පළාතේ නිලධාරීන් 200 කට වැඩි පිරිසකගේ එම මාරුවීම් අවලංගු කර තිබේ.

වසර 02 සම්පූර්ණ වූ නිලධාරීන්ට ස්ථානමාරුවීම් ලබා දී තිබූ අතර අභියාචනා ඉදිරිපත් කරමින් එම නිලධාරීන් පවසා ඇත්තේ තමන් තවදුරටත් උතුරු පළාතේ පොලිස් ස්ථානවල සේවය කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව අද වන විට පොලිස් නිලධාරීන් 230 කගේ පමණ ස්ථානමාරුවීම් අවලංගු කිරීමට පොලිස්පතිවරයාගේ නියෝග මත පියවර ගෙන ඇති බව උතුරු ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read more

Local News