කුඩුත් එක්ක 4ක් මාට්ටු

Share

බොරැල්ල සහ තලවතුගොඩ යන ප්‍රදේශවලදී හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල දුම්රිය හරස් මාර්ගය අසලදී, කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 773ක් ලඟ තබාගෙන සිටි 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිළධාරින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 518ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පන්නිපිටිය, කහවත්ත සහ තලවතුගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 ත් 40ත් අතර වයස්වල පසුවන අය බව සඳහන් වෙයි.

මෙම සැකකරුවන් අද(21) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News