පාර්ලිමේන්තු ගැටුමේ කමිටු වාර්තාව කථානායකට

Share

2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අද(22) දහවල් කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවේය.

පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කමිටුව ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමද සිදුකරන කළ අතර එම කමිටුවේ සාමාජිකයින් දෙදෙනා බැඟින් එම සී.සී.ටී.වී. කැමරා දර්ශන වෙන වෙනම අධ්‍යයනය කරන ලැබුවේය.

Read more

Local News