මහ කන්නයේ වී මිලදී ගන්න රජයෙන් රු.මි.6100ක මුදලක්

Share

මෙම වර්ෂයේ මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100 ක මුදලක් වෙන් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අද(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ වී ඇති බවත්, නිසි ක්‍රමවේදයකට අනුව ගොවියාගේ වී අස්වැන්න මීලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස එහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙහිදී එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2000 ක් පමණ මිලදී ගැනීමට රජය අපේක්ෂා කරයි. ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් විධිමත් කළ යුතු බව අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට පවසා තිබේ.

අනුරාධපුර, අම්පාර, මඩකලපුලව යන දිස්ත්‍රික්කවල මේ වන විටත් අස්වැන්න නෙලමින් පවතින අතර, රජය විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් සඳහා නාඩු 38ක්ට හා සම්බා රුපියල් 41 කට ද මිලදී ගැනීමට රජය විසින් තීරණය කර ඇත.

ගොවීන්ගේ පහසුව උදෙසා ඉදිරියේ දී ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වේලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වී වේලන යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News