පානදුර නගරය විධිමත් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරනවා – අමාත්‍ය පාඨලී චම්පික

Share

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පානදුර බස්නැවතුම්පල තෙවන අදියර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වු අතර අමාත්‍යවරයා පැවසුවේ පානදුර නගරය විධිමත් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් එයට බාධා නොකර තමන්ගේ පුද්ගලික උන්නතිය පිළිබඳ ව පමණක් නොසිතා සෑම කෙනාම එයට දායක විය යුතු බවයි.
වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. පානදුර බස්නැවතුම්පල තෙවන අදියර සංවර්ධනය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 76 කි.

Read more

Local News