වේගෙන් අා මෝටර් රථය විදුලි රැහැන් කණුවක් කඩාගෙන පෙරළෙයි

Share

මහනුවර අඹතැන්න ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් අනතුරකට ලක් වීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද(26) අළුයම මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව අලවතුගොඩ නවයේ කණුව ප්‍රදේශයෙදී පාරෙන් ඉවතට පැන අධිබල විදුලි රැහැන් සහිත කණුවක්ද කඩාගෙන වෙලකට පෙරළී මෙම අනතුර සිදු වී තිබේ.

මෙම අනතුර හේතුවෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මහනුවර මහ රෝහල වෙත යොමු කර තිබේ.

කෙසේ නමුත් මෙම අනතුරින් තුවාල ලැබු කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බව පොලීසිය පවසයි.

මෙම අනතුර හේතුවෙන් ව අධිබල විදුලි රැහැන් පද්ධතියට සහ මෝටර්  රථයට දැඩි හානි සිදුව තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News