ජනපති යළි දිවයිනට

Share

සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අැතුළු දූත පිරිස දිවයිනට පැමිණ තිබේ.

ඊයේ(25) රාත්‍රී සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා පැමිණ අැති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 23 වනදා දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු ජනාධිපතිනී හලිමා යේකුබ් සහ එරට අග්‍රාමාත්‍ය ලී සියෑං ලුන් සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබුවාය.

Read more

Local News