කොළඹ නාවික අභ්‍යාසය – CONEX 2019 තෙවන දිනටත් අද

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) පසුගිය ජනවාරි 26 වන දින කොළඹ මුහුද ආශ්‍රිතව ආරම්භ කෙරුණු

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත සහ රත්නදීප යන නෞකාවන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ඇතුළුව නිලධාරින් පිරිසක් මෙම නාවික අභ්‍යාසය සඳහා අනුයුක්ත සිටියි.

එමෙන්ම, මෙම පුහුණු අභ්‍යාසය තුලින් නාවික හා ගුවන් හමුදාව අතර සිය වෘත්තිමය හැකියාව වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක් උදා වි ඇත.

ඒ අනුව, ‍අභ්‍යාසයේ තෙවන දිනය වන අද (28) දින මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

හෙට (29) දින මෙම මුහුදු පුහුණු අභ්‍යාසයේ අවසන් දින අභ්‍යාසය පැවැත්වීමට නියමිතව ඇත.

Read more

Local News