ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

Share

මහබාගේ පොලිස් වසමේ පරාක්‍රම පාර ආසන්න‍යේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැලක හදිසි ගින්නක් හට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මෙම ගින්න පොලිස් නිලධාරීන්, නගර සභා ගිනි නිවන ඒකකයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සම්පුර්ණයෙන් පාලනය කර තිබෙන බවට වාර්තා වෙයි.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශන මහබාගේ පොලීසිය පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News