කිරිපිටි මිල ඉහළ දැමීමට කිසිදු ඉල්ලීමක් නෑ

Share

කිරිපිටි මිල ඉහළ දැමීමට රජයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

රජයෙන් ඉල්ලා තිබෙන්නේ කිරිපිටි කිලෝවකට අලුතින් යොදා තිබෙන රුපියල් 170 ක බදු මුදල ඉවත් කරන ලෙසට බවද එම සංගමය සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

මෙතෙක් කිරිපිටි කිලෝවක් මත යොදා තිබුණේ රැපියල් 2ක බදු මුදලක් බවත් එහෙත් මේ වනවිට එම බදු මුදල රැපියල් 170ක් දක්වා ඉහළ දමා තිබෙන බවද පවසා සිටියේය.

Read more

Local News