රේගු වර්ජනය තවදුරටත්

Share

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා රාජ්‍ය පරිපාලන සේවය හෝ ශ්‍රි ලංකා රේගු සේවයේ විශේෂ නිලධාරීයෙකු පත්කරන තෙක් රේගු නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවට වාර්තා වෙයි.

රේගු වෘත්තීය සමිති සන්ධානය, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශ්‍රාමික ආරක්ෂක සේවා නිලධාරීයෙකු පත් කිරීමට එරෙහිව රේගු නිළධාරීන් ඊයේ(31) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු සම්බන්ධ කටයතු ඇනහිට තිබේ.

Read more

Local News