අර්ජුන පහරදීමක් කර නොමැති බව අධිකරණයට දන්වයි

Share

ඉකුත්දා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට ඇතුළු වී එහි පිරිසකට පහර දුන්නේ යැයි සැකකෙරෙන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා අධිකරණය දැනුවත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලීසියට නියම කළේය.

මෙම පැමිණිල්ල අද(01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි කැදවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අර්ජුන රණතුංග අමාත්‍යවරයා තමන්ට පහර දුන් බව පැමිණිලිකරු ප්‍රකාශ කළත් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේ දී එවැනි පහරදීමක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවන බව කියා සිටියේය.

කෙසේ වෙතත් සැකකාර රණතුංග අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබෙන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව පැමිණිල්ල මාර්තු මස 01 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේ.

Read more

Local News