අධ්‍යාපන ඇමතිගේ චක්‍රලේඛයකට එරෙහිව රිට් පෙත්සම් හතරක්

Share

රජයේ පාසල්වලට අයත් පාසල් සංවර්ධන සමිතිවල විධායක කමිටු සඳහා ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පත් වීම කප්පාදු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

දිවයිනේ ජනප්‍රිය පාසල් කීපයක ආදි සිසු සිසුවියන් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් අද (01) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනී  දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ රජයේ පාසල්වල පාසල් සංවර්ධන සමිතිවල විධායක කමිටු සඳහා ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පත් වීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් චක්‍රලේඛ නිකුත් කර ඇති බවයි.

අමාත්‍යවරයාගේ මෙම චක්‍රලේඛය චක්‍රලේඛය  මුළුමනින්ම නීති විරෝධී බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් මේ හරහා ආදි සිසුන් ගෙන් පාසැල් වලට සිදුවූ සේවාව සම්පූර්ණයෙන්ම කප්පාදු කර ඇති බවට චෝදනා කළා.

මේ හේතුවෙන් අදාළ චක්‍රලේඛය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

Read more

Local News