රේගු වර්ජනය සිව්වන දිනටත්

Share

රේගු සේවකයින් ආරම්භකළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(02) සිව් වන දිනටත් පැවැත්වෙයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, ඉන් දෛනිකව රුපියල් බිලියන 2ක පමණ පාඩුවක් රජයට සිදුවන බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හදිසියේ ස්ථාන මාරුකර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පලකරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය පසුගිය බදාදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඒ, වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත රේගු නිලධාරීන් හා මුදල් අමාත්‍යවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වූ පසුබිමකයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු මූලස්ථානයේ කටයුතු මෙම දින 4 තුළ අඩාල වී ඇති අතර, රේගු නිෂ්කාශන අංශයේ කටයුතුද සීමා වී තිබේ.

Read more

Local News