ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

Share

මිරිහාන, නුගේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණූ ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදු කර තිබෙන බවට වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ 69 හැවිරිදි දාම්පේ, මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසුවේය.

මිරිහාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News