උතුරේ ඡන්ද ගන්න කරන රැවටිමක් ගැන මහින්ද කියයි

Share

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උතුරේ කිසිඳු දේශපාලන පක්ෂයක් මේ දක්වාත් රජයෙන් ඉල්ලීමක් කර නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙරට දෙමළ ජනමාධ්‍යවේදීන් පිරිසක් සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් අද (05) උදෑසන විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත් විය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ යුද්ධය අවසන් වු පසු බිම් බොම්බ ඉවත් කිරිම සඳහා විදේශ රටවලින් අවශ්‍ය උපකරණ ගෙන්වා යුද හමුදා නිලධාරින් යොදා ගනිමින්  තමන් එම බිම් බොම්බ ඉවත් කිරිමේ වැඩ කටයුතු සිදු නොකලේ නම් මෙතරම් ඉක්මනට නැවත පදිංචි කිරිම් සිදු කරිමට හැකියාවක් නොමැති බවයි.

වත්මන් ආණ්ඩුවට සුජාතභාවක් නොමැති බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාවක් ගෙන එන බව පවසමින් මැතිවරණ සමය තුලදි උතුරේ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා රැවටිමක් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

Read more

Local News