කොළඹ වරායේ ආරක්ෂාව තර කෙරේ

Share

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(05)  අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේදී පැවැත්විණි.

වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read more

Local News