බැංකුවක් කොල්ල කයි

Share

රාගම පොලිස් වසමේ කුරුකුලාව ග්‍රාමීය බැංකුවක් අද(06) සවස පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ල කා පලා ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

මුහුණ ආවරණය කර ගනිමින් යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා ගිනි අවියක් වැනි යමක් පෙන්වා මෙසේ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් කොල්ල කා ඇති මුදල රුපියල් තුන් ලක්ෂ 80, 000 ක් බව සඳහන් වෙයි.

වැඩිදුර විමර්ශන රාගම පොලීසිය පවත්වයි.

Read more

Local News