මදූෂ්ට මරණීය දණ්ඬනය දුන්නොත් නාමල් අලුගෝසුවෙක් වෙයි

Share

මාකඳුරේ මධූෂ් නැමැති පාතාල නායකයාට මරණීය දණ්ඬනය ලබාදිය යුතු බවත් ඒ සඳහා අලුගෝසු තනතුරක් අවශ්‍ය නම් වැටුප් රහිතව එම තනතුරේ කටයුතු කිරීමට තමන් සූදානම් බවත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) දින පැවති මාධ්‍ය හමුවකදීය.

“මාකඳුරේ මධූෂ් අහිංසකයි කියලා ෆොන්සේකා මහත්තයි කියලා තිබුණා. අහිංසකයි නම් කොකේන් එක්ක අහුවෙන්න විදිහක් නෑනේ. ෆොන්සේකා මහත්තයා මධූෂ්ට බයේ එහෙම කතාකලාට මම බය නෑ. මටයි මධූෂ්ටයි එකට හිරේ ඉන්න වෙයිද කියලා මම දන්නෙ නෑ. මම කියන්න තියෙන දේ කියනවා.මාකඳුරේ මධූෂ්ට මරණීය දණ්ඩනය අපි ලබාදිය යුතුයි.ඒ කියන්නේ අපි පූර්වාදර්ශයක් දිය යුතුයි මේ රටට. මරණීය දණ්ඩණය ලාබාදීමේදී අලුගෝසු තනතුරක් අවශ්‍යනම් ඒ තනතුරට වැටුප් රහිතව කටයුතු කරන්න මම සූදානම්”

Read more

Local News