හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(09) රාත්‍රී  9.00 සිට ඉරිදා පස්වරු 3.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කාලය තුළ කොළඹ 01, 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

මීට අමතරව අදාළ කාලය තුළ පිටකොටුව ප්‍රදේශ තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද සඳහන් වෙයි.

Read more

Local News