වේගෙන් අා ලොරි රථය පෙරළෙයි – රියදුරුට බරපතල තුවාල

Share

ගිනිගත්හේනේ සිට හැටන් වටවල දක්වා අධික වේගයෙන් ධාවනය වු කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුවී තිබේ.

සිදු වු මෙම අනතුරින් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව වටවල පොලිසිය පැවසිය.

ඊයේ(08) රාත්‍රි 8.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය වංගුවක් පසුකර යාමට උත්සහ කිරිමේදි ලොරි රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරෙන් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

Read more

Local News