දිවයිනේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, කිසිදු දිස්ත්‍රික්කයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෙසේ වෙතත් අද (23) උදෑසන 6.00 වන විටත් ප්‍රධාන ජලාශ 05ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දැදුරු ඔය (කුරුණෑගල), වාන් දොරටු 04ක් අඟල් 12 බැගින්අලිකොටආර (මොණරාගල), වාන් දොරටු 03ක් අඟල් 04 බැගින්ලුණුගම්වෙහෙර (හම්බන්තොට): වාන් දොරටු 02ක් අඟල් 04 බැගින්වීරවිල (හම්බන්තොට): වාන් දොරටු 02ක් අඩි 02 බැගින්දෙබරවැව (හම්බන්තොට): වාන් දොරටු 01ක් අඟල් 01ක්



