ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් වගකිව යුතුයි

Share

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට ඊයේ (10) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, සෞඛ්‍ය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබෙනවා. නවීන උපකරණ රෝහල්වලට ලබා දෙනවා. මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ කොළඹ තිබෙන ප්‍රධාන රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමටයි. සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියෙන් මුදල් වියදම් නොකර ඉතිරිකර ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ජනතා හිතසුව පිණිස දියත් කරන බවයි.

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වු බවත් එම දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් ම අමාත්‍යාංශයේ වැඩකටයුතු සිදු  වු බවත් අමාත්‍යවරයා පවසයි.

Read more

Local News